Pages

Friday, April 6, 2012


මධුවිතෙන් සප්පායම් වී මළ ගෙදරදී මඟුල් කතාවක් කරලා
ඔහු ප‍්‍රකට හිටිවන කවියෙකි. කථිකයෙකි. මගුලකදී අවමගුලකදී පමණක් නොව වෙනත්  ඕනෑම උත්සවයකදී ඔහුට කතාවක් පැවරෙන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් මඟුල් හෝ අවමඟුල් උළෙලකදී ඔහුගෙන් කවියක් දෙකක් අසා සතුටුවීමට කවුරුත් පි‍්‍රය කළෝය.
පසුගියදාක  ඔහු අවමඟුල් උත්සවයකට ගියේ උදේ වරුවේ මංගල උත්සවයකට  සහභාගිවීමෙන් පසුවයි. ඔහු එහි ළඟාවනවිට අවමගුලේ ආගමික වතාවත් අනුශාසනා සියලූ දේ නිමවී ගිහි ගුණකතන වාරය එළැඹියේය.
මංගල උත්සවයේදී  මධුවිතෙන් සප්පායම් වූ ඔහු මළගෙදරට එනවිට අඩක් බමන මතින්  සිටියේය.  ඈතින් ඔහු එනවා දුටු අවමඟුල් උළෙලේ නිවේදකයා කරමින් සිටි කතාව නිමවීමත් සමග ඔහුටද ගුණකතනයකට ආරාධනය කළේය

.
මයික‍්‍රපෝනය අතට ගත්තේය. අද දින සුබ මොහොතින් යුග දිවියට සම්ප‍්‍රාප්ත වූ අපේ රසවතාගේ  හිතවතාගේ ඥාතියාගේ මංගල සාදයට පැමිණි අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, දුවේ, පුතේ. ඔහුට කීමට ලැබුණේ එපමණකි. පුංචි පුතෙක් ඔහු ඉදිරියට විත්  මාමේ මාමේ මේක මළ ගෙයක් කීවේය. උපත, යුගදිවිය, මව්පිය පදවි, ආච්චි සීයා ජීවන වේදිකාවේ විවිධ චරිත රඟපාන අපි කාටත් මේ යුග පුරුෂයාට වාගේ ජීවිත නාඩගම මරණයෙන් නිමකරන්න සිදුවෙනවා. මොන කෙළි කෙළියත් මළකෙළි කෙලින්නම වෙනවා. ඔහු ජාම් බේරාගත්තේ එසේය.

No comments:

Post a Comment