දුම්රියේ හොරෙන් ගිහින් රුපියල් කෝටියක් දඩ ගෙවලා
පසුගිය වසරේ දුම්රියෙන් ප්‍රවේශ පත්‍ර රහිතව හා තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන දෙවැනි පන්තියේ ගමන් කළ මගීන් 15604 දෙනකුගෙන් රුපියල් එක්කෝටි දෙලක්ෂ අනුඅටදහස් හත්සිය අටක මුදලක් (10298708.00) දඩ මුදල් ලෙස අය කරගෙන ඇතැයි දුම්රිය වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්. සිසිරකුමාර මහතා පවසයි.
වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කලාපයෙන් වන අතර අත්අඩංගුවට ගත් පිරිස 10075 කි.
ඔවුන්ගෙන් අය කරගත් දඩ මුදල රුපියල් 7134234 කි. අනුරාධපුර කලාපයෙන් 2532 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අය කරගත් දඩ මුදල රුපියල් 1853064 කි. නාවලපිටිය කලාපයෙන් 2997 දෙනකු අත්අඩංගුවට ගෙන රුපියල් 1311410 ක මුදලක් අය කරගෙන ඇත.
කොළඹ කලාපයේ වැඩිම දඩ මුදල් අයකරගෙන ඇත්තේ ජූලි මාසයේ වන අතර අය කැරගත් දඩ මුදල 844975 කි. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි මාසයේය. අත්අඩංගුවට ගත් පිරිස 1049 කි.
No comments:
Post a Comment